ගාස්තු රහිතව ඕනෑම දුරකථන ජාලයක් භාවිතයෙන් නිවසේ සිට සිය පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව හිමිවනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 1377 දුරකථන අංකයෙන් එකවර සිසුන් 45 දෙනෙකු සම්බන්ධ කරගනිමින් ඉගැන්වීම් කටයුතු කිරිමට ගුරුවරුන්ට හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් එම් ආර් රත්නායක මහතා සදහන් කළේ.
මේ අතර ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ ඉදිකිරිම් කටයුතු මේ වසර තුළ ආරම්භ කිරිමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ.
ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සදහා අංග සම්පුර්ණ පහසුකම් සහිතව එය ඉදිකරන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.
The post ඕනෑම දුරකථන ජාලයකින් ගාස්තු රහිතව ඉගැන්වීමේ ක්‍රමවේදයක් appeared first on ITN News.
Post a Comment