මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පලමුවරට නඩු කැදවීම අද (30) සිදුකෙරෙනවා.
නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ නඩු කිහිපයක් කැදවීමට නොහැකිවී තිබුණා. ඒ අනුව පසුගිය මාර්තු 23 වනදා සිට මැයි 6 වනදා දක්වා කාලය තුළ කැදවීමට නොහැකිවූ මුලික අයිතිවාසිකම් පෙත්සම්, අභියාචන පෙත්සම් සහ රීට් පෙත්සම් කිහිපයක් මෙලෙස යළි කැදවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා සදහන් කළේ.
අද (30) දිනයට අමතරව ලබන 13 සෙනසුරාදා ද නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිතව තිබෙනවා.
The post පළමුවරට සෙනසුරාදා දිනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි appeared first on ITN News.
Post a Comment