අගෝස්තු මස 6 වනදා රාත්‍රී 10 වන විට මහ මැතිවරණයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පැවති රැස්වීමකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
ඉදිරි මහ මැතිවරණයට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. දිස්ත්‍රික් 18 ක ඡන්ද පත්‍රිකා මේ වන විටත් මැතිවරණ කොමිසමට ලබා දී ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ. ඉතිරි දිස්ත්‍රික්වලට අදාළ ඡන්ද පත්‍රිකා ලබන සතිය තුළදී ලබා දීමට නියමිතයි.
The post ඡන්ද ප්‍රතිඵලය 06 වනදා රාත්‍රී 10.00ට පෙර appeared first on ITN News.
Post a Comment