මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුමේ අන්තර්ගත වී ඇති කොන්දේසි හා ව්‍යාපෘති රාමුව ප්‍රතික්ෂේප කළ යුතු බව ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ සිව් පුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙනවා.
අදාළ වාර්තාව වෙබ් අඩවි 3ක් ඔස්සේ කියවීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
www.president.gov.lk
www.presidentsoffice.lk
www.pmdnews.lk
එම්සීසී ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළා. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන්. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් වුණා. කමිටුවේ අවසන් වාර්තාව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිවරයා වෙත පසුගියදා භාර දෙනු ලැබුවා.
ඒ අනුව කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැන ගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන ලෙසයි ජනාධිපතිතුමා තම ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේ. මාස 6 කට ආසන්න කාලයක් සිදු කළ අධ්‍යයනයකින් පසු මෙම වාර්තාව සකස් කෙරුණා. ප්‍රාග්ධන සම්පත් හිඟ සහ ණය බරින් තෙරපුණු රටකට මූලික ආර්ථික සංරෝදක දුරලීම සදහා එම් සී සී යෝජනාවලිය ප්‍රයෝජනවත් වන බව මතුපිටින් පෙනී ගිය ද ගැඹුරු අධ්‍යයනයකදී පෙනී ගියේ මෙම යෝජනාවලියේ කොන්දේසි හා යෝජිත ක්‍රමවේදය මගින් ශ්‍රී ලංකාවට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවයි. ඇතැම් ව්‍යාපෘති මගින් ජාතික සමාජ හා ආර්ථික සුබසිද්ධියට අගතිකාරී බලපෑම් එල්ල විය හැකි බවට ද විශේෂඥ කමිටුව තීරණය කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දේශීය නීති පද්ධතියට අනුකූල නොවන වගන්ති හා ප්‍රතිපාදන මෙන්ම ජාතික අරමුණුවලට, ස්වෛරීත්වයට හා ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන කොන්දේසි ද මෙම ගිවිසුමට ඇතුළත් වී තිබෙන බවයි එම කමිටුව නිර්දේශ කරන්නේ. එම් සී සී යෝජනාවලිය සංවර්ධන ප්‍රදානයක් ලෙස මතුපිටින් පෙනුන ද ඇමෙරිකා ඉන්දු පැසිපික් මූලෝපායට අනුව ගොඩනැගී ඇති ව්‍යාපෘති යෝජනාවක් විය හැකි බව ද කමිටුව විශේෂයෙන් පවසනවා. එබැවින් එම යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් එය ඇක්සා හා සෝෆා ගිවිසුම්වලට අනුපූරකවී ශ්‍රී ලංකාව ඇමෙරිකා යුද උපායමාර්ගවල කොටස්කරුවෙකු බවට පත් වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බවයි කමිටුවේ අදහස වන්නේ. එබැවින් දැනට යෝජනාවලියේ අන්තර්ගත වී ඇති කොන්දේසි හා ව්‍යාපෘති රාමුව සහිත සංයුක්ත ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව ද කමිටුව මූලික වශයෙන් නිර්දේශ කර තිබෙනවා.
ඒ පිළිබඳ අවම වශයෙන් සලකා බැලීමක් සිදු කිරීමටවත් අදහස් කරන්නේ නම් අවදානම් සහිත ව්‍යාපෘති අංග හා ක්‍රමවේද ඇතුලු අංශ රැසක් පිළිබඳ නිවැරදි කිරීම්, ඉවත් කිරීම් හා සංශෝධන සිදු කළ යුතු බවයි කමිටුව සඳහන් කර ඇත්තේ. එවැනි සංශෝධනවලින් පසුව වුව ද මහජනතාවගෙන් අදහස් ලබා ගැනීමකින් හා පාර්ලිමේන්තුවට සභාගත කර ලබා ගන්නා බහුතර අනුමැතියකින් තොරව යෝජනා ගිවිසුම් අත්සන් නොකළ යුතු බව ද කමිටු නිර්දේශයේ සඳහන්.
මේ අතර එම් සී සී ආයතනය මගින් රුපියල් බිලියන 1.2 ක මුදලක් යහපාලන ආණ්ඩුව සදහා ලබා දී තිබෙනවා. ඒ ගිවිසුමට අදාළ උසස් තත්ත්වයේ සාධනීය හා තිරසර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන්ට සහාය දීම සදහායි. එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි යුරෝපා, ආසියා, පැසිපික් හා ලතින් ඇමෙරිකා කලාප භාර කළමනාකාර අධ්යක්ෂ කැරොලින් නුයන් මහත්මිය 2018 වසරේදී මෙරට සංචාරයක නිරත වුණා. ඇයගේ සංචාරය අතරතුරදී එම් සී සී ගිවිසුමට අදාළව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 413 ක් ලබා දීම සදහා ගිවිසුමක් අත්සන් කෙරුණා. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ රුපියල් බිලියන 1යි දශම 2 ක මුදලට අතිරේකයක් වශයෙනුයි. කැරොලින් නුයන් මහත්මිය හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න හා හිටපු මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
The post යහපාලනයට බිලියන 1.2 ක් දුන් බව MCCය පිළිගනී appeared first on ITN News.
Post a Comment