නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා අනිවාර්යය නිවාඩු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනුකළ පෙත්සමට අදාළ විරෝධතා ජූලි මස 31 වනදා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ගිහාන් පිලපිටිය මහතාගේ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණේ පෙත්සමේ වගඋත්තරකරුවන්ටයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.
නීතිපති උපදෙස් මත කටයුතු නොකිරීම ඊට හේතුවයි. ගිහාන් පිලපිටිය මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා සිතාසි නිකුත් කෙරුණේ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඩපට සිද්ධියට අදාළවයි.
සිතාසි නිකුත් කළ ආකාරය නීති විරෝධී බව පවසමින් පිලපිටිය මහතා ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් පෙත්සම් විභාගය අවසන් වන තුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
The post ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන ලෙස ලෙස දන්වමින් අතුරු තහනම් නියෝගයක් appeared first on ITN News.
Post a Comment