බ්‍රිතාන්‍යයේ කොලණියක්ව පැවති හොංකොං රාජ්‍යය චීනයට පවරා දීමට විරෝධය පළ කරමින් පැවති විරෝධතා අතරවාරයේදී 180 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට හොංකොං පොලීසිය කටයුතු කර තිබෙනවා.
හොංකොං රාජ්‍යය චීනයට පවරා ගැනීමේ සංවත්සරය යෙදෙන දිනයේදී විරෝධතා හෝ රැළි පැවැත්වීම නීතියෙන් තහනම්ව තිබෙනවා. එම තහනම නොතකා දහස් ගණනක් හොංකොං නුවරට රැස් වී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එක්රැස් වූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වූ බවයි පොලිසිය පවසන්නේ. නීතිවිරෝධී රැස්වීම් නොහික්මුණු හැසිරීම් සහ අපරාධ කළ හැකි අවි ආයුධ ළඟ තබා ගැනීම සහ අනෙකුත් අපරාධ චෝදනාවලට එම පිරිස් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
The post හොංකොං නුවර විරෝධතා අතරවාරයේදී 180 කට අධික පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment