Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින්ගේ ධූර කාලය 2036 දක්වා තහවුරු වෙයි  

Add comments

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ ධූර කාලය 2036 දක්වා තහවුරු වෙයි.

2026 දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැඩිමිර් පුටින්ට රැඳී සිටීමට හැකි වන පරිදි වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනතා අනුමැතිය හිමිව තිබෙනවා. රුසියා මැතිවරණ කොමිසම ඊයේ දිනයේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිශතවලට අනුව 77%කට ආසන්න ප්‍රතිශතයක් රුසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව ඇති බවයි. පසුගිය සතිය පුරා මෙම ඡන්ද විමසීම පැවති අතර එහිදී 64%කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියානු විපක්ෂය පවසන්නේ රුසියා ජනාධිපතිවරයා මියයනතුරු බලයේ රැඳී සිටීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී ඇති බවයි.

 

 

The post පුටින්ගේ ධූර කාලය 2036 දක්වා තහවුරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG