Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදියුදීන්ට 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග  

Add comments

හිටපු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ලබන දොළොස්වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ පාස්කු ප්‍රහාරයට අදාළවයි.

රිෂාඩ් බදියුදීන් මහතා වෙත අධිකරණය  මෙම නියෝගය නිකුත් කළේ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි. රිෂාඩ් බදියුදීන් මහතාට අද දින ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය නියෝගකර තිබුණා. එහෙත් දේශපාලන පක්ෂ නායකයෙකු හා අපේක්ෂකයෙකු ලෙස මනාප ප්‍රතිඵල නිකුත් කරන තෙක් එම කටයුතු සමග සිටිය යුතු බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස මෝසමෙන් ඉල්ලා තිබුණා. ඒ අනුවයි ඔහුට ලබන දොළොස්වනදා අදාළ ප්‍රකාශය සිදුකරන ලෙසයි අධිකරණය දැනුම් දුන්නේ.

 

 

The post බදියුදීන්ට 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG