දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික් කිහිපයක සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා. එම දිස්ත්‍රික්වලින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.
මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද තුන්ලක්ෂ පනස් දෙදහස් දෙසිය දාහතක් ලබාගත්තා. ඒ අනුව මන්ත්‍රී ධුර හයක් හිමිවුණා. ලබාඇති ඡන්ද ප්‍රතිශතය සියයට හැත්තෑතුනයි දශම හයයි තුනයි. සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව හැත්තෑ දෙදහස් හත්සිය හතලිහක්. එක් මන්ත්‍රී ධුරයක් මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ඡන්ද තිස්හත්දහස් එකසිය තිස්හයක් ලබාගත්තා. ඔවුන්ට කිසිදු මන්ත්‍රීධුරයක් හිමිවූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද හත්දහස් හයසිය තිස්එකක් ලැබී ඇති අතර ඔවුන්ට ද මන්ත්‍රීධුරයක් ලැබී නැහැ. මේ අනුව වැඩි ඡන්ද දෙලක්ෂ හැත්තෑනව දහස් හාරසිය හැත්තෑහතක් ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.
The post මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් appeared first on ITN News.
Post a Comment