ලෙබනනයේ බේරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීම හේතුවෙන් නගරයේ හරිඅඩක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
එකසිය තිස්හත් දෙනෙකුට මරු කැඳවමින් පන්දහසකට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ලෙබනනයේ බේයිරූට් නගරයේ සිදු වූ දැවැන්ත පිපිරීම පිළිබඳ පරික්‍ෂණ වාර්තා දින 4 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවටයි ලෙබනන් රජය අවධාරණය කරන්නේ. ලෙබනනයේ පිපිරීම සිදුවූ බේයිරූට් වරායේ ප්‍රධාන නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. ඒ විමර්ශන කටයුතු අවසන් වන තෙක්. පිපිරීමත් සමග සති දෙකක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. වරාය පරිශ්‍රයේ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්ට්‍රේටි රසායනික ද්‍රව්‍ය ටොන් 2750ක් පිපිරීමට හේතුව වී ඇති බවයි මූලික පරික්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ. මෙම ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් ඇතිවූ කම්පනය හිරෝෂිමා නගරයට හෙළු පරමානුක බෝම්බයේ ප්‍රභලත්වයෙන් හරි අඩක් පමණ වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
The post බේරූට් අගනුවර පිපිරීම හේතුවෙන් නගරයේ හරිඅඩක් විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment