Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා අසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 2541 ක් දක්වා ඉහළට  

Add comments

මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2839 ක්. ඒ අතුරින් 2541 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. රටම කෝවිඩ් වසංගතයෙන් ආරක්‍ෂිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

අද උදෑසන හය වන විට අලුතින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හදුනා ගත් බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙකු,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, සේනපුර හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් දෙදෙනෙකු එම පිරිසට ඇතුළත්.

අද දිනයේ තවත් කොරෝනා රෝගීන් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ සමග සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2541 ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. තවදුරටත් රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් 287 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 68 ක්.

යුද හමුදාව පවත්වාගෙන යන කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ හයදෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. මේ දක්වා නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව විසිනව දහස් පන්සිය අටක් බව ආරක්‍ෂක අංශ පවසනවා.

The post මෙරට කොරෝනා අසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 2541 ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG