දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික් කිහිපයක සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා. එම දිස්ත්‍රික්වලින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.
මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද තුන්ලක්ෂ පනස් දෙදහස් දෙසිය දාහතක් ලබාගත්තා. ඒ අනුව මන්ත්‍රී ධුර හයක් හිමිවුණා. ලබාඇති ඡන්ද ප්‍රතිශතය සියයට හැත්තෑතුනයි දශම හයයි තුනයි. සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව හැත්තෑ දෙදහස් හත්සිය හතලිහක්. එක් මන්ත්‍රී ධුරයක් මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ඡන්ද තිස්හත්දහස් එකසිය තිස්හයක් ලබාගත්තා. ඔවුන්ට කිසිදු මන්ත්‍රීධුරයක් හිමිවූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද හත්දහස් හයසිය තිස්එකක් ලැබී ඇති අතර ඔවුන්ට ද මන්ත්‍රීධුරයක් ලැබී නැහැ. මේ අනුව වැඩි ඡන්ද දෙලක්ෂ හැත්තෑනව දහස් හාරසිය හැත්තෑහතක් ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 430334 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය හිමිකර ගත්තේ මන්ත්‍රී ධුර 7 ක් ලබා ගනිමින්. සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 115456ක්. ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2 ක්. ජාතික ජන බලවේගය ඡන්ද 29963 ක් හා එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 18968ක් ලබාගත් අතර එම පක්‍ෂ දෙකටම මන්ත්‍රී ධුර කිසිවක් හිමිවූයේ නැහැ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 314878 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 154046 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. එම පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 208193 ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 5 ක් හිමිවුණා. ඡන්ද 54147 ක් ලබාගත් සමගි ජන බලවේගයට හිමි වූයේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි. ජාතික ජන බලවේගය ඡන්ද 11429 ක් හා එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 3494 ක් ලබා ගත් අතර එම පක්‍ෂවලට කිසිදු මන්ත්‍රී ධුරයක් හිමි වූයේ නැහැ.
පොළොන්නරුව දිස්ත්‍රික්කය ද ජය ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 4 ක් දිනාගත්තේ ඡන්ද 180847 ක් ලබා ගනිමින්. සමගි ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 47781ක්. ඔවුන්ට හිමි වූයේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි. ජාතික ජන බලවේගය ඡන්ද 6792 ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්‍ෂයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වුණේ ඡන්ද 6525 ක් පමණයි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 133066 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 7 ක් දිනා ගත්තේ ඡන්ද 331573 ක් ලබා ගනිමින්. සමගි ජන බලවේගය ඡන්ද 131317 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තා. ජාතික ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 14033 ක් පමණයි. එක්සත් ජාතික පක්‍ෂයට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හිම වූ ඡන්ද සංඛ්‍යාව 12168 ක්. ඒ අනුව වැඩි ඡන්ද 200256 කින් කෑගල්ල දිස්ත්‍රික්කය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
මාතලේ දිස්ත්‍රික්කය ජය ගැනීමට ද සමත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 188779 ක් ලබා ගනිමින් පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 4 ක් හිමිකර ගත්තා. සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තේ ඡන්ද 73955 ක් ලබා ගනිමින්. ජාතික ජන බලවේගයට මාතලේ දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ ඡන්ද 7542 ක් පමණයි. එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6592 ක්. ඒ අනුව වැඩි ඡන්ද 114824 ක් ලබා ගනිමින් මාතලේ දිස්ත්‍රික්කය ද තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
කලුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය වාර්තා කළේ වැඩි ඡන්ද 276711 ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 8 ක් හිමිකරගත්තේ ඡන්ද 448699 ක් ලබා ගනිමින්. සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2 ක් හිමි වූ අතර එම පක්‍ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 171988 ක්. ජාතික ජන බලවේගය කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 33434 ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්‍ෂයට ලබාගත හැකිවූයේ ඡන්ද 16485 ක් පමණයි.
නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඡන්ද 230389 ක් ලබාගත් එම පෙරමුණ හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5ක්. සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 3 ක් හිමිකර ගත්තේ ඡන්ද 132008 ක් ලබා ගනිමින්. ස්වාධීන කණ්ඩායම් අංක එක ඡන්ද 17107 ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූයේ ඡන්ද 12924 ක් පමණයි.
රත්නපුර දිස්ත්‍රික්කය ජය ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූයේ එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 8 ක් හිමිකර ගනිමින්. එම පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 446668ක්. සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 3 ක් හිමිකර ගත්තා. ඒ ඡන්ද 155759 ක් ලබා ගනිමින්. ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 17611 ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 12349ක්. ඒ අනුව වැඩි ඡන්ද 290909 කින් රත්නපුර දිස්ත්‍රික්කය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජය ගත්තේ සමගි ජන බලවේගයයි. ඡන්ද 86394 ක් ලබාගත් එම බලවේගය මන්ත්‍රී ධුර 2 ක් හිමිකරගත්තා. ඡන්ද 68681 ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් මන්ත්‍රී ධුරයක් ද ඡන්ද 39570 ක් ලබාගත් ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගැනීමට සමත් වුණා. ඒ අනුව වැඩි ඡන්ද 17713 කින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජය ගැනීමට සමගි ජන බලවේගය සමත් වුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 405105කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණේ මන්ත්‍රී ධුර 11 ක් හිමිකර ගනිමින්. සමගි ජන බලවේගය ඡන්ද 244860 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 4 ක් හිමිකර ගත්තා. ජාතික ජන බලවේගය ඡන්ද 36290 ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 26770ක්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඡන්ද 344458 ක් ලබාගත් එම පෙරමුණ හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 ක්. සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තේ ඡන්ද 119788 ක් ලබා ගනිමින්. ජාතික ජන බලවේගයට ඡන්ද 24492 ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8254 ක්. ඒ අනුව වැඩි ඡන්ද 224670 කින් අනුරාධපුර දිස්ත්‍රික්කය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 674603 ක් ලබා ගත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජය හිමිකර ගත්තේ මන්ත්‍රී ධුර 12 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ඡන්ද 387145 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 6 ක් හිමිකර ගත්තා. ජාතික ජන බලවේගය 1 මන්ත්‍රී ධුරයක් හිමිකරගත්තේ ඡන්ද 67600 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 30875 ක් ලබා ගත්ත ද ඔවුන්ට මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට අවස්ථාව උදා වුණේ නැහැ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 287458 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය හිමිකර ගත්තා.
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය හිමිකර ගත්තේ වැඩි ඡන්ද 242923 ක් ලබා ගනිමින්. එම පෙරමුණට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 ක්. සමගි ජන බලවේගය ඡන්ද 234523 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 4 ක් හිමිකර ගත්තා. ස්වාධීන කණ්ඩායම් අංක එක ඡන්ද 25797 ක් ලබා ගනිද්දී ජාතික ජන බලවේගය හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 22997 ක්. ඒ අනුව වැඩි ඡන්ද 242923 කින් මහනුවර දිස්ත්‍රික්කය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
හම්බන්තොට දිස්ත්‍රික්කය ද ජය ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඡන්ද 280881 ක් ලබාගත් එම පෙරමුණ මන්ත්‍රී ධුර 6 ක් හිමිකර ගැනීමට සමත්වුණා. සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තේ ඡන්ද 51758 ක් ලබා ගනිමින්. ජාතික ජන බලවේගයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිමි වූ ඡන්ද සංඛ්‍යාව 31362 ක්. එක්සත් ජාතික පක්‍ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වූයේ ඡන්ද 5017 ක් පමණයි. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේ වැඩි ඡන්ද 229123 ක් ලබා ගනිමින්.
ගම්පහ දිස්ත්‍රික්කය ජය ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා. එම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 13 ක් හිමිකර ගත්තේ ඡන්ද 807896 ක් ලබා ගනිමින්. සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 4 ක් දිනා ගත්තා. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 285809 ක්. ජාතික ජන බලවේගය ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තේ ඡන්ද 61833 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්‍ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වූ ඡන්ද සංඛ්‍යාව 28282 ක්. ඒ අනුව වැඩි ඡන්ද 522087 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
යාපනය දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයයි. ඡන්ද 112967 ක් ලබාගත් එම පක්‍ෂය මන්ත්‍රී ධුර 3 ක් හිමිකර ගත්තා. අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් ඡන්ද 55303 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද 49373 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගනිද්දී ඊපීඩීපී සංවිධානය එක් මන්ත්‍රී ධුරයක් හිමිකරගත්තේ ඡන්ද 45797ක් ලබා ගනිමින්. ඒ අනුව වැඩි ඡන්ද 57664 ක් ලබා ගනිමින් ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය යාපනය දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තා.
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයයි. එම පක්‍ෂය ඡන්ද 69916 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 3 ක් හිමිකර ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 42524 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද සමගි ජන බලවේගය ඡන්ද 37883 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගනිද්දී ඊපීඩීපී පක්‍ෂය මන්ත්‍රී ධුරයක් හිමිකරගත්තේ ඡන්ද 11310 ක් ලබා ගනිමින්. ඒ අනුව වන්නි දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 27392 කින් ජය ගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය සමත් වුණා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 11768 කින් ජය ගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය සමත් වුණා. එම පක්‍ෂයට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2 ක්. තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්‍ෂය ඡන්ද 67692 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 34428 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගනිද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 33424 ක් ලබා ගනිමින්.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 23738 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ ඡන්ද 126012 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 3 ක් දිනා ගැනීමත් සමගයි. සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තේ ඡන්ද 102274 ක් ලබා ගනිමින්. සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඡන්ද 43319 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද ජාතික කොංග්‍රසය ඡන්ද 38911 ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගත්තා.
පුත්තලම දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඡන්ද 220566 ක් ලබා ගනිමින් එම පෙරමුණ මන්ත්‍රී ධුර 5 ක් දිනා ගනිද්දී සමගි ජන බලවේගය ඡන්ද 80183 ක් ලබා ගනිමින් හිමිකර ගත්තේ මන්ත්‍රී ධුර 2 ක් පමණයි. මුස්ලිම් ජාතික සන්ධානය එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තේ ඡන්ද 55981 ක් ලබා ගනිමින්. ජාතික ජන බලවේගයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 9944 ක්. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 140383 කින් ජය ගැනිමට සමත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඡන්ද 309538 ක් ලබාගත් එම පෙරමුණ මන්ත්‍රී ධුර 6 ක් දිනා ගත්තා. ඡන්ද 144290 ක් ලබාගත් සමගි ජන බලවේගය දිනාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2 ක්. ජාතික ජන බලවේගය ඡන්ද 19308 ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමිකර ගනිද්දී එක්සත් ජාතික පක්‍ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9153 ක්. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 165248 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
The post දිස්ත්‍රික් කිහිපයක සමස්ත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් appeared first on ITN News.
Post a Comment