ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා තිබෙනවා.
මිලියන දෙකක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉක්ම වූ තුන්වන රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වුවද සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු ආරම්භ කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාමයි. කෙසේ වෙතත් ඇතැම් නගරවල සහ දිස්ත්‍රික්වල කටයුතු සීමා කිරීමට බලධාරීන් තීරණය කළා. ඉන්දියාවට අමතරව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ බ්රසිලයෙනුයි.
The post ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි appeared first on ITN News.
Post a Comment