මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
ලබාගත් ජන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ පනස් තුන් දහස් හයසිය අනුවක්. එහි ප්‍රතිශතය දැක්වෙන්නේ 59.09ක් ලෙසයි. දිස්ති‍්‍රක් මට්ටමින් ලබාගත් ආසන සංඛ්‍යාව 128 ක්. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර දූර 17 ක්ද ශ්‍රී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට හිමිවුණා. ඒ අනුව සමස්ථ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 145 යි.
සමගි ජන බලවේගයට ජන්ද විසි හත් ලක්ෂ හැත්තෑ එක් දහස් නවසිය අසූවක් හිමිවුණා. ප්‍රතිශතය 23 යි දශම නවයයි බිංදුවයි. දිස්ති‍්‍රක් මට්ටමින් හිමි වූ ආසන සංඛ්‍යාව 47 ක්. ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර හතක් සමග ඔවුන්ගේ සමස්ත මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 54 යි.
ජාතික ජන බලවේගයට ලබාගැනීමට හැකිවූයේ ජන්ද හාරලක්ෂ හතලිස් පන් දහස් නවසිය පනස් අටයි. එය සියයට 3 යි දශම අටයි හතරක ප්‍රතිශතයක්. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සමඟ ඔවුන්ගේ සමස්ත මන්ති‍්‍රවරුන් සංඛ්‍යාව තුනයි.
ජන්ද තුන් ලක්ෂ විසි හත් දහස් එකසිය හැට අටක් ලබාගත් ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ආසන නවයක් හිමිකර ගත්තා. ජාතික ලැයිස්තුවෙන්ද ඔවුන්ට ආසනයක් හිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට හැකි වූයේ ජන්ද දෙලක්ෂ හතලිස් නව දහස් හාරසිය තිස් පහක් පමණයි. එහි ප්‍රතිශතය 2 යි දශම එකයි පහක්.
දිස්ති‍්‍රක් මට්ටමින් කිසිදු මන්ති‍්‍ර ධුරයක් හිමිවූයේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් එක් මන්තී‍්‍ර ධුරයක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සහ අපේ ජන බල පක්ෂයට ද ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර එක බැගින් හිමිව තිබෙනවා.
කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ශ්‍රී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ආසන 12 ක් හිමිවුණා. සමගි ජන බලවේගය ලබාගත් ආසන සංඛ්‍යාව හයක්. ජාතික ජන බලවේගයට හිමිවුණේ ආසනයක් පමණයි. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණට හිමි වූ ආසන සංඛ්‍යාව 13 ක්. සමගි ජන බලවේගය ආසන හතරක් හිමි කර ගත්තා. ජාතික ජන බලවේගයට හිමි වුණේ එක් ආසනයක් පමණයි.
පොදුජන පෙරමුණට කළුතර දිස්ති‍්‍රක්කයෙන් හිමි වූ ආසන සංඛ්‍යාව අටක්. සමගි ජන බලවේගයට ආසන දෙකක් ලැබී තිබෙනවා. මහනුවර දිස්ති‍්‍රක්කයේ ආසන අටක් හිමි කර ගැනීමට පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය ආසන හතරක් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ මාතලේ දිස්ති‍්‍රක්කයෙන් ලබාගත් ආසන සංඛ්‍යාව හතරක්. සමගි ජන බලවේගයට හිමි වුණේ එක් ආසනයක් පමණයි. ආසන පහක් නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණ ලබාගත්තා. ආසන තුනක් හිමි කර ගැනීමට සමගි ජන බලවේගයට හැකි වුණා.
ගාල්ලෙන් පොදු ජන පෙරමුණ ලබාගත් ආසන සංඛ්‍යාව හතක්. සමගි ජන බලවේගය ආසන දෙකක් හිමි කර ගත්තා. ආසන හයක් මාතර දිස්ති‍්‍රක්කයෙන් ලබාගැනීමට පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වුණේ එක් ආසනයක් පමණයි. හම්බන්තොටින් පොදුජන පෙරමුණට හිමි වු ආසන සංඛ්‍යාව හයක්. එක් ආසනයක් සමගි ජන බලවේගයට හිමි වුණා.
යාපනය දිස්ති‍්‍රක්කයෙන් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය ආසන නවයක් හිමි කරගත්තා. ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද ආසන තුනක් හිමිකර ගැනීමට සමත් වුණා.
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ආසන තුනක් හිමිකරගත් අතර පොදුජන පෙරමුණට ද ආසනයක් ලබාගැනීමට හැකි වුණා. මඩකලපුව දිස්ති‍්‍රක්කයෙන් ද අරුසු කච්චි ආසන දෙකක් හිමි කර ගත්තා . පොදුජන පෙරමුණට එක් ආසනයක් හිමිව තිබෙනවා. දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණ ආසන තුනක් සහ සමගිජන බලවේගය ආසන දෙකක් හිමි කර ගෙන තිබෙනවා. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ආසන දෙකක් හිමිකර ගැනීමට සමගි ජන බලවේගය සමත් වූ අතර පොදුජන පෙරමුණට හිමි වුණේ එක් ආසනයක් පමණයි. කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ආසන 11 ක් දිනා ගැනීමට පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වුණේ ආසන හතරක් පමණයි.
පුත්තලම දිස්ති‍්‍රක්කයෙන්ද ආසන පහක් හිමි කර ගැනීමට පොදුජන පෙරමුණට හැකි වුණා. සමගි ජන බලවේගයට හිමි වුණේ ආසන දෙකක් පමණයි. දිස්ති‍්‍රක් ආසන හතක් අනුරාධපුරයෙන් දිනා ගැනීමට පොදු ජන පෙරමුණ සමත් වූ අතර ආසන දෙකක් සමගි ජන බලවේගයට හිමි වුණා. ආසන හතරක් පොළොන්නරුවෙන් පොදුජන පෙරමුණට හිමි වුණා. සමගි ජන බලවේගය දිනා ගත්තේ එහි එක් ආසනයක් පමණයි. බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසන හයක් දිනා ගැනීමට පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වුණේ ආසන තුනක් පමණයි. ආසන පහක් මොණරාගලින් පොදුජන පෙරමුණට හිමි වූ අතර සමගි ජන බලවේගයට ලබාගැනීමට හැකි වූයේ එක් ආසනයක් පමණයි. රත්නපුර දිස්ති‍්‍රක්කයේ ආසන අටක් පොදුජන පෙරමුණට හිමිවුණා.
ආසන තුනක් හිමි වුණේ සමගි ජනබලවේගයට . කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ද පොදුජන පෙරමුණ ආසන හතක් හිමි කරගත් අතර සමගි ජන බලවේගයට හිමිවුනේ ආසන දෙකක් පමණයි.
The post මහ මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් – සමස්ථ ආසන 145 ක් හිමිකර ගනී appeared first on ITN News.
Post a Comment