Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසි සහ සුළං තත්ත්වය ලබන 10 වනදා දක්වා  

Add comments

වැසි සහ සුළං තත්ත්වය ලබන 10 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු ප්‍රදේශ ද රළුවන බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

දැඩි සුළග සහ වර්ෂාව සමග ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවාස 143 කට හානි සිදු වුණා. නිවාස පහකට පූර්ණ හානි සිදුව තිබෙනවා.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස 98කට සුළගින් හානි සිදුවුණා. කරුවලගස්වැව, නාත්තන්ඩිය, වනාතවිල්ලුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 397 දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. 

හදපාන්ගොඩ අරකාවිල කදනපිටිය ප්‍රදේශයේ නිවාස 20කට ද සුළගින් හානි සිදුවුණා. නිවාසවල වහලවල් සුළගට ගැලවී යාම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව තාවකාලිකව වෙනත් ස්ථානවල රැඳවීමටයි පියවර ගැනුණේ.

කුරුණෑගල මහව ප්‍රදේශයේ නිවාස 25 කට පමණ හානි සිදු වුණා.

ගලේවෙල, අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස මෙන්ම වගා හානි  රැසක් සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 

The post වැසි සහ සුළං තත්ත්වය ලබන 10 වනදා දක්වා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG