Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය මාසය තුළ ඇමර්සන් වනාන්තරයේ ලැව් ගිනි 28%කින් ඉහළට  

Add comments

පසුගිය මාසය තුළ ඇමර්සන් වනාන්තරයේ ලැව් ගිනි 28%කින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ජුලි මාසය තුළ ඇමර්සන් වනාන්තරයේ ලැව් ගිනි 6803ක් වාර්තා වූ බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ. ජුලි 30 වන දින පමණක් ලැව් ගිනි සියයක් වාර්තා වූ බව බ්‍රසීලයේ පරිසර සංවිධානයක් නිවේදනය කරනවා.

බ්‍රසිල ජනාධිපති ජේර් බොල්සනාරෝගේ අනුදැනුම මත ඇමර්සන් වනාන්තරය තුළ නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවටයි එම සංවිධානය තවදුරටත් පවසන්නේ. පසුගිය වසරේ ඇති වූ දරුණු ලැව් ගිනි තත්ත්වයටද ජනාධිපතිවරයා වගකිවයුතු බව බොහෝ විදෙස් රටවල් චෝදනා කළා. ලොව පැවැත්මට මුලික ලෙසම බලපාන ඇමර්සන් වැසි වනාන්තරය හානියට ලක්වීම ජීවීන්ගේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන බව විශ්ලේෂකයින් සඳහන් කරනවා.

 

 

 

The post පසුගිය මාසය තුළ ඇමර්සන් වනාන්තරයේ ලැව් ගිනි 28%කින් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG