Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහනුවර පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත‍්‍රය අවසන්  

Add comments

මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර ඊයේ (03) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ඊයේ (03) රාත්‍රියේ එක් වුණා.

මහනුවර දළදා පෙරහරේ හතරවන රන්දෝලි මහ පෙරහැර ඊයේ (03) රාත්‍රියේ වීදි සංචාරය කළා. චාරිත්‍රානුකූලව පෙරහැර පැවැත්වුණද කොරෝනා වසංගතය හේතුවෙන් ජනතා සහභාගීත්වයෙන් තොරවයි පෙරහැර සංචාරය සිදු කෙරුණේ. මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ එක් වුණා. ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණි ජනාධිපතිතුමා දේවාලය භාර නිලමේවරුන් විසින් පිළිගනු ලැබුවා. දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා දියවඩන නිලමේවරයා විසින් හස්තිරාජයා මත කරඩුව තැන්පත් කිරීමෙන් පසු පූජෝපහාර දැක්වුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය ඇසළ පෙරහර නැරඹීමටද එක් වුනා.

මේ අතර අද (04) පෙරවරුවේ ගැටඹේ දිය කපනා ගංතොටට පැමිණ සාම්ප්‍රදායික දිය කැපීමේ චාරිත්‍රය සිදු කළා. දිය කැපීමෙන් පසු මහවැලි ගගෙන් ලබා ගත් පැන් රැගෙන පෙරහරින් පැමිණ කටුකැලේ ගණදෙවි කෝවිලේදී දේව පූජා සිදු කෙරුණා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහර නිමාවට පත් සංදේශය ජනාධිපතිතුමා වෙත භාරදීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර නිමාවට පත් කෙරෙනවා.

මේ අතර කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැරද ඊයේ (03) රාත්‍රි වීදි සංචාරය කළා. ජනතා සහභාගීත්වයකින් තොරවයි කතරගම ඇසළ පෙරහර පැවැත්වුණේ.

අද පෙරවරුවේ මැණික් ගගේ ජීවමාලි තොටුපොළේදී චාරිත්‍රානුකූලව කපු මහත්වරුන්ගේ මූලිකත්වයෙන් දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරුණා. එම කටයුතුවලින් පසු කතරගම ඇසළ පෙරහර කටයුතුද නිමාවට පත් කෙරුණා.

 

The post මහනුවර පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත‍්‍රය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG