අධිකරණයේ පවතින නඩුවකට අදාළව බොරු සාක්ෂි සෑදීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේ දී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව ගිනිඅවි හදුන්වාදී අධිකරණ නඩු කටයුත්තක් සදහා බොරු සාක්ෂි ලබාදීම යන චෝදනාව මෙම පොලිස් නිලධාරියාට එල්ලවුණා. මෙම නඩුවේ සැකකරුවෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙම නඩුවට අදාළවන තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකුයි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහුගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සටහන්කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
The post බොරු සාක්ෂි සෑදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment