2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව හා සාර්ථකව අවසන් වුණා.
සමස්ථයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 71 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත්කර ගැනෙන ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ වී පස්වරු 5.00 අවසන් වුණා. දිවයින පුරා මධ්‍යස්ථාන දොළොස්දහස් නවසිය අසූපහකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවූ අතර ඒ සදහා ලියාපදිංචි ඡන්ද දායකයන් එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් සුදුසුකම් ලබා සිටියා.
මහ මැතිවරණයට මැතිවරණ දිස්ත්‍රික් 22 සඳහා අපේක්‍ෂකයන් හත්දහස් හාරසිය පනස් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්‍ෂ 20 ක් හා ස්වාධින කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින්. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණේ ඡන්ද දායකයන්ට නව අත්දැකීමක් ලබා දෙමින්. සමස්තයක් ලෙස අද පැවති ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව හා සාධාරණ ලෙස සිදු වූ බවයි මැතිවරණ නිරීක්‍ෂකයන් පවසනවා. ඡන්දය ප්‍රකාශ කිරීම දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිශතයක් ලෙස වාර්තා වූයේ මේ අයුරින්.
මහනුවර දිස්ත්‍රික්කය ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72 ක් වූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය වාර්තා වූයේ සියයට 70 ක් ලෙසයි. මාතර දිස්ත්‍රික්කයේ සියයට 70 ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 76 ක් ලෙසින් ද කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 70 ලෙසින් ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සටහන් වූයේ සියයට 70 ක් ලෙසියි. පුත්තලම ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය සියයට 65 ක් වෙද්දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබුණේ සියයට 74 ක් ලෙසයි. දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට 73 ක් ලෙස වාර්තා වු අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වූයේ සියයට 70 ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය සියයට 68 ක් වෙද්දී කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක් ලෙස වාර්තා වී තිබුණා. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සටහන් වී ඇත්තේ සියයට 67 ක් ලෙසිනුයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක් ලෙසින් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 75ක් ලෙසින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී ඇති අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75 ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ සියයට 74 ක් ලෙසින්. වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 73 ක් ලෙසින්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය සියයට 73 ක් ලෙසින්ද වාර්තා වෙද්දී, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 71ක්. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ සියයට 71ක් ලෙසින් ද මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 76ක් ලෙසින් ද වාර්තා වී තිබෙනවා. ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ඒම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට පෙරවරු 8.00 ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 77 කදී එම කටයුතු සිදු කිරීමටයි විධිවිධාන යොදා ඇත්තේ. ගණන් කිරීමේ පරිශ්‍රතුළ රැදී සිටීමට අවසර ලබා දෙන්නේ එක් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් ඡන්ද ප්‍රදේශයක් සඳහා නියෝජිතයන් දෙදෙනෙකුට පමණක් බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.
The post ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීයි. ප්‍රතිශතය සියයට 71 ක් appeared first on ITN News.
Post a Comment