SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ යන අය වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කරාතේ ශූරයෙකු වන වසන්ත සොයිසා මහතාගේ ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වන්නේ ද SF ලොක්කා යන අයයි.
ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. අනුරාධපුර දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. SF ලොක්කා යන අය මෙලෙස මිය යන විට 32 හැවිරිදි වියේ පසුවුණා. මෙම වෙඩි තැබීමේ දී මෝටර් රථය ද ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
The post SF ලොක්කා වෙඩි තැබීමකින් මරුට appeared first on ITN News.
Post a Comment