Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු තුවාල ලබයි  

Add comments

135 දෙනෙකු මරණයට පත්කරමින් තවත් 4000 ක පමණ පිරිසකට තුවාල සිදුකරමින් ලෙබනනයේ බේයිරූට් නගරයේ සිදු වූ  දැවැන්ත පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු තුවාල ලැබුවා. ලෙබනන් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විපතට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන බවයි ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.

පිපිරීමෙන් තානාපති කාර්යාලයටද සුළු හානි සිදුව තිබෙන  බව ලෙබනන් හා සිරියාවේ  ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා. තානාපති කාර්යාලයේ කිසිදු සේවකයෙකුට අනතුරක් සිදුව නැහැ.

ලෙබනනය තුළ ශ්‍රි ලාංකිකයන් විසිපන්දහසක් පමණ සේවයේ නිරත අතර ඔවුන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 ම විවෘත 0096 15769585 දුරකතන අංකයක භාවිතා කරන ලෙසයි එරට  තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ. එමෙන්ම එස්එල්ඊඑම්බී ඩොට් බීඊඅයිආර්යූටී ඇට් එම්එෆ්ඒ ඩොට් ජීඕවී ඩොට් එල්කේ යන විද්‍යුත් තැපැල් ලිපියනය ද විවෘත පවතින බවයි තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.

ලෙබනනයේ සිදුවූ ප්‍රබල පිපිරීඹ සම්බන්ධයෙන් පිපිරීම සිදුවූ බේයිරූට් වරායේ ප්‍රධාන නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. ඒ අදාළ පිපිරීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන අවසන් වන තෙක්. පිපිරීමත් සමග සති දෙකක හදිසි තත්ත්වයක් ද ලෙබනනය තුළ ප්‍රකාශයට පත් කර තිබෙනවා. වරාය පරිශ්‍රයේ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්ට්‍රේටි රසායනික ද්‍රව්‍ය ටොන් 2750ක් පිපිරීමට හේතුව වී ඇති බවයි මූලික පරික්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ. මෙම ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් ඇතිවූ කම්පනයෙන් හිරෝෂිමා නගරයට හෙළු පරමානුක බෝම්බයේ ප්‍රභලත්වයෙන් හරි අඩක් පමණ වන බව විදේස් වාර්තා පෙන්වා දෙනවා. මෙම රසායනික ද්‍රව්‍ය ඉවත්කර ගන්නා ලෙසට රේගු බලධාරීන් ඊට පෙර දැනුම් දී තිබුණු බවටද වාර්තා පළවනවා. මේ අතර ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බවයි බේයිරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන්නේ. ලෙබනනටය උපකාර කිරීම සඳහා ප්‍රංශය, ඉරානය, බ්‍රිතාන්‍ය සහ ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ලෙබනනයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් පිපිරීම සිදුවූ වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබීම හේතුවෙන්.

 

The post ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG