ඇමෙරිකාව විසින් ලොව ප්රථම පරමාණු බෝම්බ ප්රහාරය එල්ලකර අදට 75 වසරක් සපිරෙනවා.
කෝවිඩි නයින්ටීන් ගෝලිය වසංගතය හේතුවෙන් බෝම්බ ප්රහාරය එල්ලවූ ජපානයේ හිරෝෂිමා නගරවාසීන් මෙවර සිදුකරන අනුස්මරණ උත්සව සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. ජපාන වේලාවෙන් අද උදෑසන 8.15ට හිරෝෂිමාවේ නිහඩ ආගමික වතාවත් සිදු කෙරුණේ 1945 වසරේ අගෝස්තු 6 වනදා පළමු පරමාණු බෝම්බ ප්රහාරය එල්ලවූ වේලාව සංකේතවත් කරමින්. පරමානු බෝම්බයෙන් හිරෝෂිමාවේ එක්ලක්ෂ හතලිස් දහසකට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් දින තුනකට පසු නාගසාකී නුවරට එල්ල කළ දෙවන පරමාණු බෝම්බ ප්රහාරයෙන් හැත්තෑහතර දහසකට වැඩි පිරිසක් මිය ගියා.
The post ඇමෙරිකාව විසින් ලොව ප්රථම පරමාණු බෝම්බ ප්රහාරය එල්ලකර අදට 75 යි appeared first on ITN News.
Post a Comment