දේශපාලන පක්ෂ සමඟ ඩීල් ගැසූ බවට තමන්ට චෝදනා කළද එලෙස ඩීල් ගසමින් ක්‍රියා කළේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා.
මොරටුව අගුලාන ප්‍රදේශයේ පවැති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලා. එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා මෙම ජන හමුව සංවිධාන කර තිබුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ට සහාය පළකරමින් තවත් ජන හමුවක් ගම්පහ යක්කල ප්‍රදේශයේ දී පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ ආර්ථිකය ගොඩ නැගීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
The post සජිත්ගේ ඩීල් රනිල් එළියට අදී appeared first on ITN News.
Post a Comment