Aug
30
ජාතික ශිල්ප සභාවේ පළාත් දිස්ත්‍රික් හා ප්‍රධාන කාර්යාලයේ සියලු නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී කාර්ය මණ්ඩලය දැනුවත් කෙරුණා. මෙම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඉදිරියේ දී පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් appeared first on ITN News.
Post a Comment