ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා හමුවූ වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඊයේ දිනයේදීයි. ආසාදිතයින් 725ක් හා කොරෝනා මරණ 15 ක් එරටින් ගතවු පැය 24ට වාර්තා වී තිබෙනවා.
මේ වන විට ඕස්ට්‍රේලියාව බොහොමයක් ආර්ථික කටයුතු නවතා දමා ඇති අතර දෙවන වටයේ වෛරස ව්‍යාප්තියකට සූදානම් බවයි බලධාරීන් පවසන්නේ. වෛරස ව්‍යාප්තිය පාලනයට වික්ටෝරියා ප්‍රාන්තයට සති 6 ක කාලයක් පුරා ඇදිරිනීතිය පැනවීමට ප්‍රාන්ත නිලධාරීන් පියවර ගත්තා.
The post වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.
Post a Comment