දකුණු කොරියාවට අඛණ්ඩව ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 1500 ක් පමණ අවතැන්ව සිටිනවා. ආපදාවට ලක්විය හැකි ස්ථාන නම් කර ඇති අතර සහන කණ්ඩායම් පැය 24 පුරා සේවයේ නියුතු බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. කෙසේ වුවද අවතැන් භාවයට පත් පුද්ගලයින් රඳවා ඇති ස්ථාන තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය උතුරු කොරියාවට ද බලපා ඇති අතර සිදුවූ හානි පිළිබඳ මෙතෙක් නිල වාර්තා ලැබී නැහැ.
The post දකුණු කොරියාවට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් 15 දෙනෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment