බේයිරූට් හි සිදුවූ මහා පිපිරීම සම්බන්ධයෙන් ලෙබනන් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු නිවාස අඩස්සියට යොමු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ. බේයිරූට් වරාය තුළ පුපුරණද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම නිසා පිපිරුම සිදුවුණා. අනතුරෙන් සිදුවූ දේපල හානිය ඇමෙරිකා ඩොලර් බිලියන 10 ත් 15 ත් අතර බව ලෙබනන් බලධාරීන් පැවසුවා. කෙසේ වෙතත් පිපිරීම සිදුවූ මූලික හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. එම ස්ථානයේ ඇමෝනියම් නයිට්ට්‍රේට් 2750ක් පමණ ගබඩා කොට තිබුණා.
The post බේයිරූට් හි පිපිරීම සම්බන්ධයෙන් ලෙබනන් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු නිවාස අඩස්සියට appeared first on ITN News.
Post a Comment