Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ දෙවන විමර්ශනයත් අරඹයි  

Add comments

කොවිඩ් නයින්ටීන් වසංගතයේ සම්භවය ගැන චීනයේ ආරම්භ කළ මූලික පරීක්ෂණ අවසන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

කොවිඩ් වයිරසය චීනයෙන් ව්‍යාප්තවූ බවටයි ඇමරිකාව ඇතුලු රටවල් ගණනාවක් චෝදනා කළේ. එහෙත් චීන බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් චීන සංචාරයක නිරත වුණා. මීළඟ අදියර යටතේ වසංගත විද්‍යා අධ්‍යයනයක් සිදුකරන බවයි සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් කොවිඩ් ආසාදිත මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ වයිරසය වැළදී තිබුණ ද තම දරුවාට මව්කිරි ලබාදෙන ලෙස පවසමින්.

එහි ප‍්‍රතිලාභ ආසාදන අවදානම ඉක්මවා දරුවාට ලැබෙන බවයි සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

The post ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ දෙවන විමර්ශනයත් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG