2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස තුන්වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ධවලමන්දිර ප්රධානී මාර්ක් මෙඩෝස් නිවේදනය කරනවා.
ඔහු මේ බව කියාසිටියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරණය කල්දැමීමේ අපේක්ෂාවෙන් පසුවන අතරතුරේදීයි. පසුගිය බ්රහස්පතින්දා ජනාධිපති ට්රම්ප් යෝජනා කළේ ජනාධිපතිවරණය ප්රමාදකළ යුතු බවටයි. කෙසේ වෙතත් ට්රම්ප්ගේ එම යෝජනාවට රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ දෙකෙහිම දැඩි විවේචන එල්ල වුණා. ඒ අනුව ධවලමන්දිර ප්රධානී පවසන්නේ මැතිවරණය කිසිසේත් කල් නොදන බවයි.
The post කොරෝනා තිබ්බත් ජනාධිපතිවරණය කල්දාන්නේ නෑ – ධවලමන්දිරයෙන් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment