කෝවිඩ් නයින්ටීන් වෛරයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද එය ඉටුවේදැයි සැක සහිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් පවසනවා.
ජිනීවා නුවරදී පැවති විශේෂ හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා මැඩලීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම දිගටම ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලදායක බව ද ඔහු පෙන්වා දෙනවා. මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව තමන් සංවර්ධනය කළ එන්නතේ මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කරන බව රුසියාව ප්‍රකාශ කරනවා. ඉදිරි දින දහය තුළදී ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.
The post කෝවිඩ් එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද එය ඉටුවේදැයි සැකයක් appeared first on ITN News.
Post a Comment