මිල්කෝ සමාගම කිරි ගොවියා වෙත නව සිසිලන යන්ත්‍රයක් හඳුන්වා දුන්නා. ඒ මෙතෙක් ජාතික දියර කිරි නිෂ්පාදනයට එක් කළ නොහැකි වූ 60%ක පමණ කිරි ප්‍රමාණය පස්වරුවේ දොවා පසුදා තෙක් තබා ගැනීම සඳහායි.
නව කිරි සිසිලන යන්ත්‍ර ගොවීන් වෙත හඳුන්වා දීම නාරාහේන්පිට මිල්කෝ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරී ටී අයි ඒ ප්‍රනාන්දු , නව නිපැයුම් අංශයේ කළමනාකරු සහ යන්ත්‍රයේ නිර්මාණකරු නාලක ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ජලය සිසිල් වී එම ජලයෙන් කිරි ශීතකරණ ක්‍රමවේදය සහිත මෙම යන්ත්‍රය ඉතා අඩු මුදලකට දේශීය කිරි ගොවියා වෙත ලබාදෙන බව මිල්කෝ සමාගම පවසනවා. රාජ්‍ය ආයතනවලටද ව්‍යාපාර කළ හැකි බව මිල්කෝ සමාගම මේ වන විට ඔප්පු කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
The post මිල්කෝ සමාගම කිරි ගොවියාට නව සිසිලන යන්ත්‍රයක් හඳුන්වා දෙයි appeared first on ITN News.
Post a Comment