රිය අනතුරු දෙකකින් තුන් දෙනෙකු මිය ගොස් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහරගම සහ මාතර ප්රදේශවලදී එම අනතුරු සිදුව තිබෙනවා.
මහරගම සිට නාවින්න දෙසට අධික වේගයෙන් ධාවය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව බෝගසක වැදී අනතුරට ලක් වුණා. ඉන් මෝටර් රථයේ සිටි දෙදෙනෙකු මිය ගියා. තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර මාතර නූපේ මන්සන්ධියේදී කැබ් රථයක් ත්රී රෝද රථ දෙකක, මෝටර් රථ දෙකක සහ යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් එක් ත්රී රෝද රථ රියදුරෙකු මිය ගියා. ඔහු නාදුගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
The post රිය අනතුරු දෙකකින් 3 දෙනෙකු මිය ගොස් 04 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.
Post a Comment