Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා පොලීසියට වසර 154 ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක්  

Add comments

ශ්‍රී ලංකා පොලීසියට අදට වසර 154 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ආගමික සහ විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධාන කර තිබෙනවා

අඩු ආදායම් ලාභී පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ පිංකමක් ශ්‍රී ලංකා පොලිස් දිනයට සමගාමීව පැවැත්වුණා. ඒ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදීයී.

මේ අතර බස්නාහිර පළාතේ පාසල් 10 ක පුස්තකාල සඳහා පොත් 3000 ක් බෙදාදීමේ උත්සවයක්  පැවැත්වුණේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයී. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු  මහතාගේ උපදෙස් පරිදි මෙම සමාජ සත්කාරයන් සිදු කෙරුණා.

154 වන පොලිස් සැමරුමට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ද සමාජ සේවා සහ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණා. මඩකලපුව ප්‍රදේශයේ රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ එම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

හඟුරන්කෙත පොලිස් ඒකකයේ මූලිකත්වයෙන් පහලවත්ත විහාරස්ථානය පිලිසකර කිරීමට කටයුතු කෙරුණා.

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මෙරටින් මත්ද්‍රව්‍ය ස හ සංවිධානාත්මක අපරාධ තුරන්කිරීමේ දැවැන්ත මෙහෙයුමේදී ශ්‍රී ලංකා පොලීසිය සුවිශාල මෙහෙවරක් ඉටුකරනවා. ලැබෙන තොරතුරු මත ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් පොලීසිය කටයුතු කිරීම නිසා මේ වන විට පාතාල ප්‍රධාන ජාල රැසක් මේ වන විට අඩපන කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ තුරන් කිරීමේ මෙහෙයුමේදී නිවැරදී තොරතුරු ලබා දෙමින් තම වගකීම ජනතාවද ඉටුකළ යුතු බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය දිනක ප්‍රකාශ කළා.

 

 

The post ශ්‍රී ලංකා පොලීසියට වසර 154 ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG