මහනුවර ප්‍රදේශයේදී අද සිදු වූ භූ කම්පනය ඇති වීමට හේතුව දින 2 ක් තුළ දැන්විය හැකි බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා. අදාළ නිලධාරීන් මේ පිළිබඳ එම ප්‍රදේශයේ රැදී සිටිමින් අඛණ්ඩවම පරික්ෂණ ක්‍රියාත්මක කරනවා.
මයිලපිටිය, අනුරගම, හාරගම, පින්නගොල්ල, කුණ්ඩසාලේ, තෙල්දෙණිය හා තලාතුඔය යන ප්‍රදේශවල කිසියම් භූ චලනයක් පසුගිය 29 වනදා රාත්‍රියේ සිදු වුණා. ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා කණ්ඩායම් පරික්ෂණ කරන අතරතුරයි අද පෙරවරු 7.6 ට පමණ දිගන අඹකොටේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වුණේ. මෙම භූ කම්පනය පල්ලේකැළේ ඇතුලු භූ කම්පන මධ්‍යස්ථාන 3 ක සටහන් වී තිබෙනවා.
The post මහනුවර ආයෙත් සෙලවෙයි – හේතුව හුනුගල්ද? පොළවේ තෙරපුමක්ද? appeared first on ITN News.
Post a Comment