බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල තැනින් නැත තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කළුතර, අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර් දෙසිය අසූහයකට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ප්‍රදේශ කිහිපයක් හරහා හමාගිය තද සුළගින් නිවාස රැසකට හානි සිදුවුණා.
ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඊයේ සිට මේ දක්වා බොහෝ ප්‍රදේශවලට තවමත් අධික වැසි ලැබෙමින් පවතිනවා. ඒ අනුව අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර් දෙසිය අසූහයයි දශම පහක්, කළුතර කෙසෙල්හේනව ප්‍රදේශයට මිලිමීටර් දෙසිය හතලිස් පහයි දශම පහක් හා හොරණ ප්‍රදේශයට මිලිමීටර් දෙසිය විසිපහයි දශම පහක් ආදී ලෙස වර්ෂාපතනය ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ ප්‍රදේශයට ද මිලිමීටර් 210 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාවත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා.
ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමනයට ද බාධා ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. නාගොඩ, යටලමත්ත, ඌරල, වදුරඹ ආදී ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.
ගාල්ල, පිටිගල, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ද මහාමාර්ග ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. පවතින අයහපත් කාලගුණය නිසා පාසල්වල දරුවන් පැමිණීමද අඩුවී ඇති බවයි විදුහල්පතිවරුන් සඳහන් කළේ.
හොරණ ප්‍රදේශයේ පහත්බිම් රැසක් අධික වර්ෂාව හමුවේ ජලයෙන් යටවුණා. නිවාස කිහිපයක ජලය පිරීතිබීම හේතුවෙන් ඒවායෙහි පදිංචිකරුවන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
අධික වර්ෂාවත් සමග වේයන්ගොඩ ප්‍රදේශයේ නිවාස හා මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා. දීඇල්ල ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙසේ නිවාස ජලයෙන් යටවී පවතිනවා.
වර්ෂාවත් සමග ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව නායයෑම් පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
පුත්තලම, දළුව, නිර්මලපුර ප්‍රදේශය හරහා හමාගිය තද සුළගකින් නිවාස 12 කට පමණ හානි සිදුවුණා. අලුයම දෙකයි තිහට පමණ හමාගිය මෙම සුළගෙන් නිවාස තුනකට පූර්ණ හානි සිදුවී තිබෙනවා.
උතුරු ප්‍රදේශයට ද මේ වනවිට අධික වැසි ලැබෙමින් පවතින අතර මුලතින් ප්‍රදේශයේ මුහුද ඉතා රළු ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මුලතිව් හි බොහෝ ධිවරයින් මුහුදු යාමෙන් වැළකී සිටියා.
ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ නිවසක් මතට අඩි විස්සක් පමණ උස කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක තුවාල ලැබුවා. සිය මව සමග නිදාගෙන සිටියදීයි ඇය මෙම අනතුරට ලක්ව තිබෙන්නේ.
The post වැස්ස ප්‍රබලයි- සුළගත් දැඩියි- නායයෑම් ගැනත් අනතුරු appeared first on ITN News.
Post a Comment