Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උපාධිධාරීන් රස්සාව පටන් ගනිද්දී රැකියාවක් නැති දිළින්දන් අතට පත්වීම් ලිපියක්  

Add comments

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල අද  ආරම්භ වුණා. මේ අතර බදවාගත් උපාධිධාරීන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේද අද දිනයේදීයී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ධුරයට පත්ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් පනස්දහසක් සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැළසුම් කළා. එහෙත් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළා. ඒ අනුව වැඩසටහන අත්හිටුවීමට කටයුතු කෙරුණා. පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසුව රැකියා එක් ලක්‍ෂ පනස් දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළා.  ඒ අනුවයි උපාධීධාරීන් පනස්දහසකට කට සහ   අඩු ආදායම් ලාභී පවුල්වල ලක්ෂයකට රැකියා අවස්ථා උදා වුණේ.

මේ අතර අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩසටහන ද අද සිට ක්‍රියාත්මකයි. අඩු ආදායම්ලාභි ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහු කාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායක් ස්ථාපනය කෙරුණා. රජය මගින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම් ලාභී සහ නිපුණතාවන් රහිත ජනකොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනේ අරමුණයි. රැකියා ලාභීන් තෝරාගෙන ඇත්තේ  කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අපොස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින්ගෙනුයි. සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක හෝ එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම එම සුදුසුකම්වලට ඇතුළත්. එමෙන්ම වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආභාධිත සාමාජිකයින් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයින් මෙන්ම අයදුම් කර ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවෙකු වීමද මීට අදාළ සුදුසුකම් වනවා.

 

 

The post උපාධිධාරීන් රස්සාව පටන් ගනිද්දී රැකියාවක් නැති දිළින්දන් අතට පත්වීම් ලිපියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG