කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුගේ සොහොයුරෙකුගේ වඩු මඩුවකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23 ක් සොයා ගත්තා.
මේ අතර තොටලග කුඩු සඳා හෙවත් දිනේෂා සදමාලි නමැති කාන්තාව ද මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
හොරොයින් මත්කඩු කිලෝග්‍රෑම් 23 ක් අත්අඩංගුවට ගැනුණේ සපුගස්කන්ද ප්‍රදේශයේදීයී. කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන පොලිස් නිලධාරියකුගේ සොහොයුරාට අයත් වඩු මඩුවකින් මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණේ මීගහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට අවස්ථා ලැබුණ තොරතුරකට අනුවයි. මත් කුඩු සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළා. ඒ අනුව වඩු මඩුවේ බෆල් දෙකක සඟවා තිබියදීයී මෙම මත්කුඩු කිලෝ 23 සොයා ගැනුණේ. වඩු මඩුවේ අයිතිකරු වන සැකකරු පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන කොස්තාපල්වරයකු වන තම බාල සොහොයුරා මෙම මත්ද්‍රව්‍ය තමන්ට ලබා දුන් බවයි.
තොටලඟ කුඩු සඳා හෙවත් දිනේෂා සඳමාලි නමැති කාන්තාව වැලිකඩ පොලීසිය මගින් රාජගිරිය නව කොලොන්නාව මාර්ගයේදී අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඇය පදිංචිව සිටි මෙත්සද සෙවන නිවාස සංකීර්ණයේ නිවස පරික්ෂා කිරීමේදීයී හෙරොයින් ග්‍රෑම් 25 ක් බැංකු කාඩ් පත් සහ ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ කිහිපයක් හමු වී ඇත්තේ.
මීගමුව කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුකට අනුව වැටලීමක් සිදු කෙරුණා. එහිදී දලුවකොටුව මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයේ දේවගැතිවරයකු අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 300 ක් සහ ජංගම දුරකතන 03 ක් ද සමගයි.
මේ අතර බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් මත්පැන් අලෙවිකළ ස්ථානයක් තලංගම පොලීසිය මගින් වටලා තිබෙනවා. ඒ තලවතුගොඩ වැලිපාර ප්රදේශයේදීයි. විවිධ ප්‍රමාණයෙන් යුත් අරක්කු බෝතල් 260 ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
කොටහේන ප්‍රදේශයේ නිවසක හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි කාන්තාවක කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණා. උපාය දූතයකු යොදා සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් මත්කුඩු සමග රුපියල් අනූදහසක මුදලක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 62 මිලිග්‍රෑම් 350 ක් සහ එම ජාවාරමෙන් උපයාගත් රුපියල් පනස්දහසකට අධික මුදලක් සමග කාන්තාවක මහනුවර රෝහල් පටුමගේදී අත්අඩංගුවට ගැනුණා. මහනුවර පොලීසියයි වැටලීම සිදු කළේ. සැකකාරිය මිනීමැරුම් චෝදනාවකට බන්ධනාගාරගතව සිටියදී මත්කුඩු ජාවාරම්කාරියක සමග ඇති වූ දැන හැදුනුම්කම මත මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී ඇති බවයි හෙලිව තිබෙන්නේ.
The post කුඩු සඳාටත් වෙච්ච දෙයක් appeared first on ITN News.
Post a Comment