ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.
ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බටෝ ෆර්නැන්ඩස්ට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේ දී යි. හැට දෙවන වියේ පසුවන ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එරට මාධ්‍ය සඳහන් කරනවා. හිස කැක්කුම සහ සුළු උණ තත්ත්වයක් පමණක් පෙන්නුම් කරන ජනාධිපතිවරයා මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිනවා. කෙසේ වුවද පසුගිය ජනවාරි මාසයේ දී රුසියාවේ නිෂ්පාදිත වයිරසයට එරෙහි ස්පුට්නික් වී එන්නත ඔහු ලබාගත් බවයි වාර්තා වන්නේ.
The post ආර්ජන්ටිනා ජනාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.
Post a Comment