හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන අය ඇතුලු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින්නේ නැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගයේදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12 ක් ගොනුකර තිබෙනවා. ඒ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇතුලු පිරිසකට එරෙහිවයි. සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය අද ආරම්භ වීමට නියමිතව තිබුණා. එහෙත් වගඋත්තරකරුවන් කිහිප දෙනෙකු එම ධුරවල කටයුතු නොකරන බැවින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බවට නීතිපතිවරයා දැනුම් දීමත් සමග ඔවුන්ට යළි නොතිසි නිකුත් කෙරුණා. ඒ අනුව නඩුවට අදාළ විරෝධතා ලබන 25 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරුන් දැනුම් දුන්නා. ඊට අදාළ ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 9 වනදා ඉදිරිපත් කරන ලෙසයි නියෝග කෙරුණේ. මේ අතර ෂැංග්‍රිලා ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ හෙළිවී ඇති වැදගත් සාක්‍ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන ලෙසයි. එම ඉල්ලීම හෙට දින සලකා බැලීමට නියමිතයි.
The post හිටපු අයට පෙනී නොසිටින නීතිපති appeared first on ITN News.
Post a Comment