ගැටලු නැති ඉඩම්වලට මාස තුනක් ඇතුළත ඔප්පු ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිළිබඳ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.
තමා දිවයින පුරා ගමන් කළ අවස්ථාවේ දී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුවක් වූයේ ඉඩම් ඔප්පු නොතිබීම බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පරම්පරා ගණනාවක් පදිංචිව සිටිය ද, වගා කටයුතු සිදුකළ ද ඔප්පු නොමැතිවීමෙන් මෙම ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බව මෙහිදී කියා සිටියා. ප්‍රශ්නය විසදීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියා. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේ දී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත්. බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයකට පැවරීම ද වගාකරුවන් මුහුණදී ඇති තවත් ගැටලුවක්. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
විවිධ රජයන් යටතේ ජනාධිපතිවරුන් ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළා. එහෙත් පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කිරීමේ දී ඔවුන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ගැටලුවක් නැත්නම් ලැබෙන්න යන ඔප්පුව appeared first on ITN News.
Post a Comment