ප්රංශයේ ජීවත්වන ශ්රී ලාංකික සම්භවයක් සහිත එකම පවුලේ 05 දෙනෙකු පිහි ඇණුමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වයස අවුරුදු 02 ත් 14 ත් අතර කුඩා දරුවන් 04 දෙනෙකු මිය ගිය පිරිසට අයත්. ඔවුන් පදිංචිව සිටි නිවසේ එක් කාමරයක තිබී එම මෘත දේහ සොයා ගැනීමට පොලීසිය හැකි වී තිබෙනවා. පවුල් ආරවුලක් ඇති වීමෙන් එම පවුලේ පිරිමි පුද්ගලයා පිහි ඇණුම සිදු කර ඇති බවටයි පොලීසිය සැල පල කරන්නේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනෙකු එම නිවසේ සිට සොයා ගැනීමට පොලීසිය සමත් වුණා. ඔවුන් මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
The post එකම පවුලේ 05 දෙනෙකු පිහි ඇණුමකින් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment