කෘමි උවදුරක් හේතුවෙන් මඤඤොක්කා වගාව අනතුරට පත්ව ඇති බව ගොවීන් පවසනවා.
ඇඹිලිපිටිය පනහඩුව ගම්මානයේ අක්කර 600 ක පමණ මඤ්ඤොක්කා වගාව මෙසේ කෘමි උවදුරට ලක්ව තිබෙනවා. මේ පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙතෙක් ස්ථිර විසදුමක් ලබා දීමට කටයුතු කර නැති බවයි ගොවීන් පවසන්නේ. පවුල් 800 ක පමණ ජනතාවක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. මඤ්ඤොක්කා අක්කරයකින් රුපියල් ලක්‍ෂ 3 ක පමණ ආදායමක් උපයන බව ගොවීන් පවසනවා. එහෙත් මෙම කෘමි උවදුර හේතුවෙන් තම ආර්ථිකයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක් බවයි ඔවුන් සදහන් කරන්නේ.
The post කෘමි උවදුරක් හේතුවෙන් මඤඤොක්කා වගාව අනතුරේ appeared first on ITN News.
Post a Comment