දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට නැවත දැනුම් දෙනතුරු සේවයට වාර්තා නොකරන්නැයි දැනුම් දීමක්
මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකා රාජකාරී කරන සියලුම පිරිස් නැවත දැනුම් දෙනතුරු රාජකාරී ස්ථානවලට වාර්තා නොකරන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපදෙස් දී තිබෙනවා. මිනුවන්ගොඩ දිවුලපිටිය හැර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින අනෙකුත් ආරක්ෂක අංශ පිරිස් හෙට දින පමණක් රාජකාරී සඳහා වාර්තා නොරකරන ලෙසද දැනුම් දී තිබෙනවා. එමෙන්ම කඳවුරු තුළ එම ප්‍රදේශවල සිටින පිරිස එම කඳවුරු තුළම රදවා ගන්නා ලෙසයි යුද හමුදාපතිවරවා උපදෙස් දී තිබෙන්නේ.
The post දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට නැවත දැනුම් දෙනතුරු සේවයට වාර්තා නොකරන්නැයි දැනුම් දීමක් appeared first on ITN News.
Post a Comment