Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රසාදය  

Add comments

ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 වසංගතය මර්දනය සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධාන විසින් සිය ප්‍රසාදය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පළ කරන ලදි. ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග මෙරට සිටින ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් පිරිසක් පැවැත් වූවිශේෂ සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාව ඊයේ (02)  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා ඉදිරියටත් සියළු ජාත්‍යන්තර සංවිධාන සහාය පළ කරන බව එම සංවිධාන නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙහිදී පැවැසීය.  ජනාධිපතිතුමා ඇතුලු නව රජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා ක්‍රියාවට නංවා ඇති සෞඛ්‍ය ප්‍රතිපත්ති තමන් ඉතා අගය කරන බවත්, විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් පැවැසීය.

එමෙන්ම මහජන සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම සදහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට ද එකගතාවය පළ කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි කියා සිටියේ මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඇගයිමට ලක් කිරිම පිළිබදව සතුටට පත් වන බවත්, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සදහා සහයෝගය දක්වන සියළු ජාත්‍යන්තර සංවිධාන වලට අතිගරු ජනාධිපතිතුමා ඇතුලු නව රජය වෙනුවෙන්මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යතුමිය ලෙස තමන් ද අගය කොට සළකන බවයි.

මෙම සාකච්ඡාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Ms. Hana Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අන්තර්ජාතික තාක්ෂණික විශේෂඥ Mr. Jairo Andres Villamil-Diaz මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති විශේෂඥ සහ කණ්ඩායම් නායක Mr. Fadhil BakeerMarkarමහතා, එක්සත්ජාතීන්ගේආහාරසහකෘෂිකර්මසංවිධානයේ පාරිසරික, දේශපාලන, කෘෂිකර්ම විද්‍යාවන් පිළිබද Mr. Sun, Xuebing යන මහත්ම මහත්මින් එම සංවිධාන නියෝජනය කරමින් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියහ.

The post ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG