අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව තීන්දු කළ කොළඹ මහාධිකරණය අමාත්‍යවරයා එම නඩු කටයුතුවලින් මුදාහරින ලෙස නියෝග කළා.
වසර 2010, 2014 කාලය තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස සේවකයින් 153 දෙනෙකු රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමිනුයි යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කෙරුණේ.
අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතුකළා.
එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව ගොනු කෙරුණ ප්රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේ.
The post ඇමති ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව ඉවතට appeared first on ITN News.
Post a Comment