Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආගමික මුවාවෙන් සල්ලි ගැරූ වංචනිකයන් 3 ක් අත්අඩංගුවට  

Add comments

දිවයිනේ බෞද්ධ සිද්ධස්ථානවල නම් ව්‍යාජ ලෙස යොදාගනිමින් ලක්ෂ ගණනින් මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත වූ තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීවරධාරියකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඇතුළු තුන් දෙනෙකු මෙලෙස මුදල් රැස් කිරීමේ ජාවාරමේ නිරත වී තිබෙනවා. මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට බව පවසා මුදල් රැස් කරන බවට එම මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව කළ පරික්‍ෂා කිරීමේදී මෙම කණ්ඩායම ව්‍යාජ ලෙස මුදල් රැස් කරන බවට තොරතුරු වාර්තා වුණා. මෙම සැකකරුවන් පේරාදෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර දින කිහිපයක් තුළ මෙම කණ්ඩායම රුපියල් ලක්‍ෂ 8 කට වඩා වැඩි මුදලක් එක්රැස් කර ඇති බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ.

 

 

 

 

 

 

The post ආගමික මුවාවෙන් සල්ලි ගැරූ වංචනිකයන් 3 ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG