Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දියමන්තියට වැයකළ මුදල් අයකර ගන්න බැරිවෙද්දී දියමන්තිය රටහැර යයි  

Add comments

නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව සදහා මෙරට රජය  වැය කළ මුදල් ආපසු ලබාගැනීම පිලිබද ගැටලු පවතින බව සමුද්‍ර හා නාවික නීතිය පිලිබද  ආචාර්ය නීතිඥ ඩෑන් මාලක ගුණසේකර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව  සදහන් කළේ.

මේ මාසය මැද වන විට ඊසාන දිග මෝසම් කාලගුණික තත්ත්වය උග්‍ර විය හැකි බැවින් නෞකාව මෙරට මුහුදු සීමාවේ තැබුවහොත්  නැවෙහි සමතුලිත භාවය නැති වී ඛනිජතෙල් පිටතට පැමිණීමේ අවදානමක් ඇති බවද ගුණසේකර  මහතා සදහන් කළා. ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වී නෞකාව මෙරට මුහුදු සීමාවෙන්  එපිටට එය රැගෙන යන ලෙස දැනුම් දී තිබෙනවා. මෙම තත්ත්වය මත නෞකාව ඩුබායිහි ෆුජේරා වරායට ගෙන යාමට අදාළ සමාගම කටයුතු කරමින් සිටිනවා. එහෙත් ඒ සදහා දිග ගණනාවක් ගත වන  බවයි ගුණසේකර  මහතා සදහන් කළේ. නෞකාව අත්අඩංගුවට නොගැනීම හා නැව්හිමියන් සමග ගිවිසුමකට එළඹී නොමැති නිසා වන්දි මුදල් ලබාගැනීමේ ගැටලුවක් මතුවන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

 

 

 

The post දියමන්තියට වැයකළ මුදල් අයකර ගන්න බැරිවෙද්දී දියමන්තිය රටහැර යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG