ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
හමුදා කඳවුරක් අසළ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් අවට ගොඩනැගිලි හා රථ වාහන විනාශ වී තිබෙනවා. මියගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොතිබුනද තලෙයි බාන් සංවිධානය ඊට වග කිව යුතු බවයි ඇෆ්ගනිස්ථාන රජය පවසන්නේ.
ගැටුම් අවම කිරීමේ අරමුණෙන් ඇෆ්ගන් රජය හා තලෙයිබාන් සංවිධානය අතර සාම සාකච්ඡා කටාර් හිදී පැවැත්වෙනවා. කෙසේ වුවද පසුගිය සති දෙක ඇතුළත ත්‍රස්ත ප්‍රහාර 650 ක් සිදුව ඇති අතර සිවිල් වැසියන් 69 දෙනෙකු මියගොස් තවත් 141 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
The post ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment