Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලරූස් ජනපතිට එරෙහි විරෝධතා අඛණ්ඩව  

Add comments

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හට තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඊයේ දිනයේදී එරට මින්ස්ක් අගනුවර පැවැති විරෝධතා සඳහා දහස් ගණනක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ. ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරන ආකාරය එහිදී දක්නට ලැබුණා. අගෝස්තු 09 වන දින පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දූෂිත බව පවසමිනුයි ජනතාව විරෝධතා ව්‍යාපාරවල නිරත වන්නේ. ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නායකයකු තෝරාපත් කරගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. වසර 29 ක් පුරා එරට ජනාධිපති ධුරය හොබවන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ දැඩි රුසියානු මතදාරියකු ලෙසයි සැලකෙන්නේ.මේ වන විට බෙලරුස් රාජ්‍යයට එරෙහිව යුරෝපා සංගමය සහ ඇමෙරිකාව සම්බාධක පැනවීමට ක්‍රියාකර ඇති අතර රුසියාවේ සහාය දිගින් දිගමට ඔවුන්ට හිමිවන්නේ නම් රුසියාවටද සම්බාධක පැනවීම පිලිබද සළකා බලන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා.

 

 

 

 

The post බෙලරූස් ජනපතිට එරෙහි විරෝධතා අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG