පසුගිය සමයේ අතහැර දමා තිබූ දේශීය පේෂ කර්මාන්තය වත්මන් රජය යටතේ යළි නගා සිටුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
දිවුලපිටිය, මරදගහමුල, අස්වැන්නවත්ත, ප්‍රදේශයේ පේෂ කර්මාන්තයේ නිරත පිරිසගේ ගැටලු හදුනාගැනීම සදහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදේශයන්ගෙන් අඩු මිලට නිෂ්පාදන පැමිණීම හා කර්මාන්තකරුවන්ට නව තාක්ෂණය නොමැතිකම ප්‍රභල ගැටලුවක් බව මෙහිදී හෙළි වුණා.
මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සොයා බලා කර්මාන්තකරුවන් නගා සිටුවීමට ස්ථිර වැඩපිලිවෙලක් ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙම ගම්මානයේ නිෂ්පාදකයන් ඉතා වටිනා නිෂ්පාදන සිදු කළ වෙළදපල තුළ ඒවා සදහා නිසි වටිනාකමක් ලැබෙන්නේ නැති බවයි හෙළි වුණේ.
The post දේශීය පේෂ කර්මාන්තය වත්මන් රජය යටතේ යළි නගා සිටුවනවා appeared first on ITN News.
Post a Comment